අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Mart DeHaan

මාර්ට් ඩි හාන්

අපගේ දිනපතා භෝජනය සේවාවේ නිර්මාතෘ වෛද්‍ය එම්. ආර්. ඩි හාන් මහතාගේ මුණුපුරා හා, හිටපු සභාපති රිචඩ් ඩබ්. ඩි හාන් මහතාගේ පුත‍්‍රයා වන මාර්ට් ඩි හාන් 45ස් වසරක් පුරා සේවයේ යෙදී සිටි. Discover the Word රේඩියෝ වැඩසටහන (ඇමරිකාවේ) ඔස්සේ මාට් ට නිතර සවන්දිය හැක. මාට් ඩිස්කවරි දැණුම පොත් පෙලේ පොත් රාශියක කර්තෘ වන අතර "Been Thinking About" නැමැති කාලෝචිත මාසික තීරුවද (අන්තර්ජාලයේ) රචනා කරයි.

මාර්ට් ඩි හාන් විසින් රචිත ලිපි

අවදි වනවාට වඩා හොඳය

නින්දාව ගෙනඑන ලැජ්ජා සහගත ක‍්‍රියාවක් හෝ අපරාධයක් නිසා ඔබගේ ජීවිතය විනාශවී ඇතැයි ඔබට කවදා හෝ සිතී ඇද්ද? එහෙත් අවදිවූ විට එය සිහිනයක් පමණක් බව ඔබට දැනේ. එහෙත් එය සිහිනයක් නොවේ නම්? ඔබ හෝ ඔබ පේ‍්‍රම කරන අයෙකුට එය ඇත්තක් නම්!

19 වන සියවසේ ජෝර්ජ් මැක්ඩොනල්ඞ්ගේ "පූජකයාගේ අවදිවීම" නම් නවකතාවෙහි තේමාව එයයි. එය තමන් විශ්වාස නොකරන දෙවිකෙනෙකු ගැන තමා කථා කර…

බාබෙල් ව්‍යාපෘතිය

ඔවුන් දෙදෙනා එකතුවී කුමක් සාදන්නේදැයි මේසන්වරුන් දෙදෙනෙකුගෙන් අසන ලදී. මම ගාරාජයක් සාදනවා යැයි එක්කෙනෙකු කීවේය. අනිත් කෙනා කීවේ ඔහු දේවස්ථානයක් සාදන බවය. පසු දින එක් අයෙකු පමණක් ගල් අතුරමින් සිටියේය.
දෙවැනියා කොහේදැයි ඇසූ විට පළමුවැනියා උත්තර දුන්නේ "ඔහුව අස් කළා! ඔහු ගරාජයක් වෙනුවට දේවස්ථානයක් හදන්නම තැත් කළා” කියාය.

පුරාණ බාබෙල් වැඩපොළේදී ඊට සමාන දෙයක් සිදු විය. සෙනඟ කණ්ඩායමක් කල්පනා කලේ…

අයින්ස්ටයින් සහ යේසුස්වහන්සේ

ඇල්බට් අයින්ස්ටයින් අපට මතක තිබෙන්නේ ඔහුගේ අවුල්වූ හිසකෙස්, විශාල ඇස් සහ සිත් ඇදගන්නා පෙනුමට වඩා යමක් නිසාය. අප ලෝකය දකින ආකාරය වෙනස් කළ ප‍්‍රාඥයා සහ භෞතික විද්‍යාඥයා ලෙස අපි ඔහු දනිමු. ඔහුගේ සුප‍්‍රසිද්ධ E=mc2 සූත‍්‍රය විද්‍යාත්මක දැනුම විප්ලවයකට ඇද දමා අපව න්‍යාෂ්ටික යුගයකට ගෙන ආවේය. ඔහුගේ සුවිශේෂී සාපේක්ෂතා සිද්ධාන්තය තුළින් ඔහු තර්ක කළේ විශ්වයේ සෑම දෙයක්ම සසල වන නිසා සියලු දැනුම…

හාස්කම් ද්‍රව්‍යයක්

සී එන් එන් මාධ්‍යය මිනිරන් වලින් ගනු ලබන ද්‍රව්‍යයක් "හාස්කම් ද්‍රව්‍යයක්" ලෙස හඳුන්වයි. එය එක් පරමාණුවක ඝණකමින් යුක්තය. ත‍්‍රිමාණ ලෝකයක ග‍්‍රෆීන් ද්විමාන ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රසිද්ධය. එය වානේ වලට වඩා සිය ගුණයක් ශක්තිමත්ය, දියමන්ති වලට වඩා දැඩිය, තඹ වලට වඩා 1000 වාරයකට වඩා හොඳින් විදුලිය ගෙනයයි, රබර්වලට වඩා නැවෙන සුළුය.

එවැනි තාක්ෂණික වර්ධනයක් සදාචාරාත්මකවේ හෝ නපුරුවේ යනුවෙන් පැවසිය නොහැක. එහෙත් අප…

එ් සියල්ලම වටී

රෝමානු පුරවැසියන්ගේ විනෝදය පිණිස කිතුනුවන් සිංහයන්හට විසිකිරීම 4වන සියවසේ අවසානය වන විට නැවතී තිබිණ. එහෙත් මරණයේ ක‍්‍රීඩා තවදුරටත් පැවතිණ. දිනක් වහලුන් එකිනෙකා මරා ගැනීමට සටන් කරන විට එක් අයෙකු ධෛර්යය ගෙන ඔවුන් මැදට පැන එය නැවැත් වීය.

ඔහුගේ නම ටෙලිමාර්කස්ය. ඔහු කාන්තාර තාපසයෙකු විය. නිවාඩුවට රෝමයට පැමිණි ඔහුට මෙම ජනප‍්‍රිය ලේ හලා ගැනීමේ ක‍්‍රීඩාව දරා ගැනීමට නොහැකි විය. 5වන සියවසේ…

තුෂ්නිම්භූතව සිටිමි

මෙම ප‍්‍රහේලිකාව මා තුෂ්නිම්භූත කළේය. දෙවියන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කුමක්ද? යක්ෂයාට වඩා නපුරු කුමක්ද? එය දුගීන් සතුය ධනවත් අයට එය අවශ්‍යය. ඔබ එය කෑවොත් ඔබ මැරෙයි. පැහැදිලි පිළිතුර ගැන නොසිතා මා මනස එහා මෙහා යාමට ඉඩ හැරීමෙන් මට පිළිතුර මඟහැරී ගියේය. එනම් "කිසිදෙයක් නැත" (nothing) යන්නය. මෙම ප‍්‍රහේලිකාව මට මතක් කර දෙන්නේ මුලින්ම ඇසූ විට විසඳීමට ඉතා අසීරුවූ දැනුම පරීක්ෂාවට ලක්කළ…

දිවිබේරාගත් කෙනෙකුගේ සිතිවිලි

ඛේදනීය ලෙස ගිලුණු නැවකින් බේරුණ 71 වියේ පසුවූ දකුණු කොරියානු ස්ත‍්‍රියකට ගැළවෙන අයට ඇතිවෙන සිත් දොස් තැබීම ඇතිවිය. ආරෝග්‍ය ශාලාවේ තම ඇඳ මත සිට ඇය පැවසුවේ තමාට වඩා තරුණ අය බොහෝමයක් මිය ගිය අනතුරකදී තමා ගැළවීමේ සාධාරණත්වය අවබෝධ කර ගැනීමට ඇයට නොහැකි බවය. එසේම බලාපොරොත්තු රහිතව සිටින අවස්ථාවේ තමාව වතුරෙන් පිටතට ගත් අයගේ නම නොදැන සිටීම ගැනද ඇය පසුතැවුනාය. තවද…

චීටාවන් පැරැද්දවීම

තේජාන්විත අප‍්‍රිකානු චීටා පැයට කිලෝමීටර් 112 ක වේගයෙන් කෙටි ධාවනයේ යෙදෙන බව ප‍්‍රසිද්ධය. එහෙත් ඔවුන් දුර දිවීමේදී එතරම් හැකියාවක් දක්වන්නේ නැත. බී බී සී ප‍්‍රවෘත්තියකට අනුව ඊසාන දිග කෙන්යාවේ ගමක 4 දෙනෙකු සැතපුම් 4ක ධාවන තරඟයකදී චිටාවන් දෙදෙනකු පැරදෙව්වෝය.

එම ප‍්‍රවෘත්තියට අනුව විශාල චීටාවන් දෙදෙනෙකු ගමේ එළුළුවන් කමින් සිටියෝය. එහෙයින් මිනිසුන් 4දෙනා උන් නැවැත්වීමට සැලසුමක් යෙදූහ. ඔව්හු දවසේ හිරු රශ්මිය…